ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි චෝදනා ළද හිටපු අමාත්‍ය ඩයනා ගමගේට එරෙහි නඩුව ජූලි 31 විභාගයට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙළ මහතා අද( 24)දින නියම කළේය .
ඩයනා ගමගේ මහත්මිය ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි සිටීමට එරෙහිව රහස් පොලිසිය විසින් පැවරු නඩු හතෙහි සාක්ෂි විභාගය අද දිනට නියමිතව තිබූ අතර ස්ථීර මහේස්ත්රාත්තුමිය නොමැති බැවින් මෙසේ නඩු විභාගයට කල්තැබීය .
වගඋත්තරකාරිය අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව මෙසේ දින නියම කළ අතර සාක්ෂිකරුවන්ට එදින අධිකරණය පෙනී සිටින් ලෙසට නියෝග කළේය.
නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටි ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ නියෝජිතයෙකු ,මහාධිකරණ නඩු භාණ්ඩ කාමරයේ භාරකාරවරයා හා ,නඩුවේ පළමු සාක්ෂිකාර පැමිණිලිකරු අධිකරණය පෙනී සිටීයේය.