වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විමර්ශන සිදුකිරීම සඳහා පත් කිරීමට නියමිත කමිටුවේ සාමාජිකයෙකු සඳහා නම් ලබාදෙන ලෙස කථානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරියට සහ විපක්ෂනායක වෙත දැනුම්දී තිබේ.
අදාළ දැනුම්දීම ලිඛිතව සිදුකර ඇති බව වාර්තා වෙයි.
ස්ථාවර නියෝග අනුව අදාළ කමිටුව සඳහා අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂනායකගේ එකඟතාව මත සාමාජිකයෙකු පත්කළ යුතු වෙයි.
මෙම කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු පත්කළ යුතු අතර තවත් සාමාජිකයෙකු අගවිනිසුරුවරයා විසින් නම් කළ යුතුව ඇත.
එමෙන්ම කමිටුවේ ස්ථීර සාමාජිකයෙකු ලෙස පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා කටයුතු කරනු ඇත.