තමාගේ නිවස බාර දෙන්නැයි තවමත් ලිපියක් තමාට ලැබී නැති බවත් ලිපියක් ආවොත් භාර දෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
මෙ අතර පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරු අයි එස් අයි එස් සංවිධානය බව ඇමරිකාවේ සී අයි ඒ සංවිධානය නිකුත් කළ වාර්තාවෙන් පැහැදිලි වන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් රහස්‍ය තොරතුර හෙළි කරන්නේද නොකරන්නේ ද යන්න ආණ්ඩුව තීරණය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
පාස්කු මහමොළකරු සෙවීමට අද අවශ්‍යව ඇත්තේ එක් අයකුට පමණක් බව පැවසූ හිටපු ජනාධිපතිවරයා තමාට මේ රටේ නැවත ජනාධිපති වීමට අවශ්‍යතාවක් නැතැයිද ප්‍රකාශ කළේය.
පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන තමා කණගාටුවන බවද මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. පිල්යාන් එල්ටීටීඊ සංවිධානයේ සිටි කාලයේදී විවිධ අපරාධ කළ බවට චෝදනා ඇති බවත් එවැනි අයෙකුට අමාත්‍ය ධුරයක් පිරිනැමීම වැරදි බවත් ඔහු කීවේය.ඔහු මෙසේ පැවසුවේ රූපවාහිනි නාලිකාවක් සමග පැවති සංවාදයකදීය.