යාපනය පේදුරුතුඩුවේ නිවසක් කොල්ල කෑමට ගිය තරුණයෙකු එල්ල කළ පිහි පහරකින් වයස අවුරුදු 69 ක් පමණ වන කාන්තාවක් මියගොස් ඇති බව පේදුරුතුඩුව පොලිසිය සඳහන් කරයි.
කොල්ලකෑමට ලක්වූ නිවස තුළ කාන්තාවන් දෙදෙනකු පමණක් ජිවත්ව ඇති අතර එහිදී එක කාන්තාවක් ඊයේ (20) උදෑසන පල්ලියට ගොස් තිබේ.
මෙම අතරවාරයේදී කොල්ලකෑමට පැමිණි අසල්වැසි තරුණයෙකු විසින් නිවසේ සිටි අනෙක් කතට පහරදී පිහි ප්රහාරයක්ද එල්ල කොට ඇති අතර එහිදී අදාළ කාන්තාව ජිවිතක්ෂයට පත්ව තිබේ.
කොල්ලයට පැමිණි 20 හැවිරිදි තරුණයා පේදුරුතුඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.