මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
මෙම නිලධාරීන් යොදවා ඇත්තේ පොලිසියේ සහායටය.
රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීහු ද ඒ අතර වෙති
මේ අතර අනවශ්‍ය බඩු භාණ්ඩ රැගෙන ඒමෙන් වලකින්නැයි පොලිසිය දළදා වන්දනාවේ පැමිණෙන්නන්ගෙන් ඉල්ලීමක් කරයි.