පොළොන්නරුව මනම්පිටිය රෝහල පාරේ පිහිටි දේවස්ථානයකට 18 වැනිදා රාත්රී වෙඩි ප්රහාරයට සම්බන්ධව මනම්පිටිය දමිළ ගම්මානයේ පදිංචි හතලිස් වියති පුද්ගලයකු බෙහෙත් කොටන නීති විරෝධී තුවක්කුවක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම එම වෙඩි ප්රහාරයෙන් කිසිවකුට හානි සිදුව නොමැති බවත්, සිද්ධියෙන් දේවස්ථානය ආවරණය කර තිබූ වීදුරුවලට පමණක් හානි සිදුව ඇති බවද පරීක්ෂණ සිදුකරන පොලිසිය සඳහන් කරයි.
මෙම වෙඩි ප්රහාරයට හේතුව දේවස්ථානයේ පාස්ටර්වරයා සමඟ තිබූ පෞද්ගලික ආරවුලක් බව සැකකරු විසින් යුද හමුදා බුද්ධි අංශයට පාපොච්චාරණය සිදුකර ඇති බවත්, වෙඩි තබන අවස්ථාවේදී පාස්ටර්වරයා එම දේවස්ථානයේ නොසිට ඇති අතර එදින දේව මෙහෙය කටයුතු සිදුකර ඇත්තේ පාස්ටර්වරයාගේ බිරිඳ විසින් බවද පොලිසිය කියයි.ෙ