පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.
එසේම අප්‍රේල් 1 සිට 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 93,915 ක් මෙරටට පැමිණ ඇතැයි එහි සඳහන් වේ. මෙරටට මෙම වසරේදී සංචාරකයන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එය සංඛ්‍යාවක් ලෙස 136,535 කි. දෙවැනි ස්ථානයට මෙරටට සංචාරකයන් පැමිණ ඇත්තේ රුසියාවෙනි. මෙම වසර ආරම්භයේ සිට පසුගිය 15 වැනිදා තෙක් රුසියාවෙන් මෙරටට සංචාරකයන් 102,273 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි. තෙවැනි ස්ථානයට සංචාරකයන් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර එය සංඛ්‍යාවක් ලෙස 81,130 කි.
මෙම වසරේ පළමු මාස තුන තුළ මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.12 ක් වන අතර එය පසුගිය වසරේ පළමු මාස තුනට සාපේක්ෂව සියයට 9.4 ක වර්ධනයකි. පසුගිය වසරේ පළමු මාස තුන තුළ මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.02 ක් ලෙස සටහන් විණ.