උතුරු මුහුදේ නීති විරෝධී ලෙස මසුන් මැරීම නතර කිරීම සඳහා වහා සියලු පියවර ගන්නා ලෙස නාවික හමුදාවට දැනුම් දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මන්නාරමේ ජන රැළියකදී අද පැවසීය.
නීති විරෝධී ලෙස මසුන් අල්ලන බෝට්ටු මෙරට මුහුදු සීමාවට පැමිණීම නතර කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග සාකච්ඡා කළ බව කී ජනාධිපතිවරයා ලාංකික මුහුද අයිති වන්නේ ලාංකික ජනතාවට බැවින් එම ප්‍රශ්න වහා විසඳීමට කටයුතු කරන බව සඳහන් කළේය.
අදාල නීති විරෝධී මසුන් මැරීමේ කටයුතු නතර කිරීමේ වගකීම නාවික හමුදාවට බාර දුන් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මන්නාරම සහ රාමේශ්වරන් අතර බෝට්ටු සේවය යළි ඇරඹීම සඳහා ඉන්දීය රජය සමඟ සාකච්ඡා කළ බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේග ජය තහවුරු කිරීම සඳහා මෙම ජන රැළිය පැවැත්විණි.