අනතුරකින් පසු රෝහලට රැගෙන එන අතර තුර මියගොස් සිටි පුද්ගලයකුගේ මල සිරුරක් ඔහුගේ ඥාතීන් විසින් බලහත්කාරයේ පානදුර රෝහලට රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
එම පිරිස බණ්ඩාරගම දිසාරෝහලේ වෛද්‍යවරුන්ට පරුෂ වචන කියමින් තර්ජනය කර කාර්ය මණ්ඩලයට හා එහි දේපළවලට පහරදී ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.
බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලැබූ අතර එයන් එක් පුද්ගලයකු රෝහලට රැගෙන එන විටත් මියගොස් තිබිණි.
එම පුද්ගලයාගේ ඥාතීන් සහ හිතවතුන් පහලොස්දෙනකුට අධික පිරිසක් එකවරම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත කඩා වැදී වෛද්‍යවරුන්ට පරුෂ වචන කියමින් තර්ජනය කර කාර්ය මණ්ඩලයට පහරදී ටොලිය මත දමා තිබූ මළ සිරුර රැගෙන ලොරියක පටවාගෙන පිටව ගොස් තිබූ බව පොලිසිය කියයි.
පැමිණි පිරිස රෝහලට ඇතුල්වන අවස්ථාවේදී ඇතුළු වීමේ දොරටුවල වීදුරුවලටද පහරදීමෙන් ඒවාටද අලාභානු වී ඇතැයි පොලිසිය කියයි.
පැමිණි පිරිසෙන් බහුතරයක් දෙනා බීමතින් සිටි බවටද අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
එම පුද්ගලයන් මළ සිරුර පානදුර මූලික රෝහල රැගෙන ගොස් ඇති බවට පොලිසිය කියයි.
බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් තුෂාර ද සිල්වා මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.