කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.
‘දියවැඩියා’ රෝගීන් එන්නත් කරන ‘ඉන්සියුලින්’ ජාතික රෝහලේ සායන රෝගීන්ට පවා මේ වන විට නිකුත් නොකරන අතර රට පුරා සෙසු රෝහල්වල මාස තුනක පමණ කාලය සිට ‘ඉන්සියුලින්’ ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් රැසක් නොමැති බවත් රෝගීහූ සඳහන් කරති.
‘ඉන්සියුලින්’ එන්නත් කරන ඇතැම් රෝගීන් ඒවා මිලදී ගැනීමට මුදල් නොමැති වීම නිසා දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් ඇතැම් ප්‍රදේශවල පෞද්ගලික ඖෂධහල්වල ද ‘ඉන්සියුලින්’ නොමැතිවීමෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්ව සිටින බවත් රෝගීහූ කියති.
කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට තවත් සති දෙකකින් පමණ රෝහලේ ‘ඉන්සියුලින්’ තිබේදැයි විමසන ලෙස බෙහෙත් නිකුත් කරන කවුළුවලින් උපදෙස් දුන් බව ද රෝගීහූ වැඩි දුරටත් සඳහන් කළහ.
ජීවිත ආරක්ෂක ඖෂධ 13 න් තුනක් සම්පූර්ණයෙන්ම වෛද්‍ය සැපයුම් අංශයේ සහ රජයේ රෝහල්වල නොමැති බවත් අත්‍යවශ්‍ය ඖෂධ 460 න් 183 ක් වෛද්‍ය සැපයුම් අංශයේ තොග නොමැති මෙන්ම රෝහල්ව 49ක් සම්පූර්ණයෙන්ම නොමැති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.
ජාතික වට්ටෝරු සමාලෝචන කමිටුව රජයේ රෝහල්වල භාවිතය සඳහා අනුමත කර ඇති ඖෂධ වර්ග 612 න් ජීවිත ආරක්ෂක ඖෂධ වර්ග 13 ක්, අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 460 ක් සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග 139 ක් ලෙස වෙන් කර ඇති බව කී කමුදේශ් මහතා බෙහෙත් හිඟයට පිළියම් නොයොදා සිටීමෙන් ඇතිවන හදිසි අත්‍යවශ්‍යතාව යොදාරැනිමින් ලියාපදිංචි නොවූ බාල ඖෂධ සහ ව්‍යාජ ඖෂධ ගෙන්වීම සඳහා ඉඩලැබෙන බව ද රවී කුමුදේශ් මහතා වැඩි දුරටත් කීය.