පළාත් පාලන ආයතන 339 ඡන්ද විමසීම එකවර පැවැත්වීමට අදහස් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ නීති අංශය පවසයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට තරග කිරීම සඳහා භාරදෙන ලද නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට එරෙහිව ඉදිරිපත් කෙරුණු පෙත්සම් හා නඩුවල තීන්දු බොහෝ ප්‍රමාණයක් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇත.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට තරඟ කිරීම සඳහා බාර දෙන ලද නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත් නම් එම පෙත්සම් වල හා නඩු තීන්දු වල පිටපත් අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට බාර දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීමක් කරයි.
මේ අනුව එම පිටපත් මෙසේ ලබා දී ඇත.
මෙම තීන්දු අධ්‍යයනය කර ඉදිරි කටයුතු තීරණය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ දින වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය. පළාත් පාලන මැතිවරණය ජුනි මස 6 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා දින නියම කළේය.