සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව කාලයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලි පද්ධතිය සමතුලිත කිරීම සඳහා අක්‍රීය කළ ඉන්ධන විදුලි බලාගාර මේ මස 21 වැනිදා වන විට නැවත සක්‍රීය කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා ඊයේ (16) පැවසීය.
විදුලි ඉල්ලුම සාමාන්‍ය තත්වයට පත්විමට තවත් දින හතරක් හෝ පහක් ගතවනු ඇති බව කී විමලරත්න මහතා ඉන් පසුව ඉන්ධන බලාගර සක්‍රීය කිරීම පිළිබඳව අවදානය යොමු කරන බව ද සඳහන් කළේය.
උත්සව සමයේ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් එකක් සම්පූර්ණයෙන්ම අත්හිටුවා සෙසු ජනන යන්ත්‍ර අඩු ධාරිතාවයෙන් යුතුව ක්‍රියාත්මක කළ බවත් එම වාසිය වහළය මත සවිකර ඇති සූර්ය පැනල හිමියන්ට දුන් බවත් ඒ මහතා කීය.