බන්ධනාගාර ගත රැදවියන්ට සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ඥාතීන් හෝ අමුත්තන් විවෘතව බැලීමට අවස්ථාව උදාකර දෙන බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මහතා පැවසීය.
මේ අනුව බන්ධනාගාර ගත රැඳවියන්ට අමුත්තන් හෝ ඥාතීන් විවෘතව බැලීමට (OPEN VISIT) අප්‍රේල් 13 හා 14 අවස්ථාව සැලසෙනු ඇත.
මේ දින දෙකේදී රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එන ආහාර පාර්සලයක්, රසකැවිලි පාර්සලයක් හෝ සනීපරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබාදී ඇත.
සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන්හිදී මෙලෙස සිදුකෙරේ.