මීතොටමුල්ල සී.ටී.බී ඩිපෝවේ කාර්යාලීය ගොඩනැගිලි මේ වන විට ගරා වැටෙමින් පවතින බව කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර එහි කළ නිරීක්ෂණයකදී දැක බලා ගත්තේය.
මීතොටමුල්ල ඩිපෝවේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව මෙහි දී නියෝජ්‍ය අමාත්‍යවරයා ඩිපෝ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ද පැවැත්වීය.
මෙහි දී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසුවේ රජයේ සංවර්ධන වැඩපිළිවෙල යටතේ මීතොටමුල්ල ඩිපෝව සංවර්ධනය කිරීමේ කටයුතු සිදු කරන බවයි.
එහි සේවක විවේකාගාර ද පවතින්නේ ඉතාම අඩු පහසුකම් යටතේ බව නිරීක්ෂණය විය.
ඩිපෝවේ පවතින තත්ත්වය ගැන ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දීමක් කරන බවත්, ඒ අනුව අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.