මෙම පොහොයේ සුවිශේෂ සිදුවීම් වනුයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමන නාගදීපයට සිදු කිරීම’, මණි අක්ඛිත රජතුමා විසින් බුදුරජාණන් වහන්සේට කැලණියට වැඩමවන මෙන් ආරාධනා කිරීම, මිණිපළඟ තැන්පත් කොට නාගදීප සෑය බැඳීම වේ.
බුද්ධත්වයෙන් පස්වන වසරේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේට ශ්‍රී ලංකාවේ නාගදීපයෙහි චූලෝදර මහෝදර යන නා රජුන් දෙදෙනා මිණි පළඟක් මුල් කොටයදරුණූ සටනක් ආරම්භ කිරීමට සූදානම් වී සිටින බව පෙනුණි. මේ නිසා සිදුවිය හැකි දරුණු මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳව සලකා බැලූ උන්වහන්සේ බක් මස පුර පසළොස්වක පොහොය දින ලංකාවේ නාගදීපයට වැඩම කළහ.
බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩමවාපළමුව අහසේ වැඩ සිට ප්රාතිහාර්ය දක්වා අනතුරුව සටන් බිමට බැස චූලෝදර මහාවතර නා රජුන් ප්‍රධාන පිරිසට ධර්ම දේශනා කළහ. එයින් ශාන්ත දාන්ත වූ දෙපිරිස සමගියට පත්ව අරගලයට තුරු දුන් අගනා මිණිපළඟ බුදුරජාණන් වහන්සේට පූජා කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
මෙම සටනේ දී තම බෑණනුවන් වූ චූලෝදර රජතුමාට සහාය සඳහා නාගදීපයට පැමිණ සිටි මණි අක්ඛිත රජතුමා විසින් බුදුරජාණන් වහන්සේට කැලණිය ට වැඩමවන මෙන් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනු ලැබූ වේද අද වැනි දිනකය.
බුදුරජාණන් වහන්සේ වැඩසිටි සිටි ස්ථානයෙහි මිලි පළඟ තැන්පත් කොට චෛත්‍යයක් බැඳූ බවත් එය නාගදීප සෑය නමින් හැඳින්වෙන බවත් බවත් ඉතිහාසයෙහි සඳහන්වෙයි.
සොළොස් මහා පූජනීය වස්තූන්ගෙන් එකක් වූ නාගදීප චෛත්‍යය දේවානම්පියතිස්ස ේ දුටුගැමුණු ආදී පසුකාලීන රජවරු න් වැඩි දියුණු කොට අංග සම්පූර්ණ පූජනීය ස්ථානයක් බවට පත්කර ඇත.
වසභ රජ සමයෙහි ලියන ලද වල්ලිපුරම් එදා නාගදීපය නමින් හඳුන්වන ලද්දේ වර්තමාන යාපනය අර්ධද්වීපයට අයත් ප්‍රදේශයෙන් බවත් එකී උතුරු ප්‍රදේශය අනුරාධපුරයේ රජවරුන් විසින් පාලනය කරනලද බවත් ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
(තොරතුරු සහ මූලාශ්‍ර ලබාදුන් කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති ගල්කිස්ස බෞද්ධ ආයතනාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය ය පූජ්‍ය දිවියාගහ යසස්සී නාහිමියන් වහන්සේට ගෞරව පූර්වක ස්තුතිය පුද කෙරේ.)