2025 වසරේ මාර්තු මස 25 වනදා සිට අප්‍රේල් මස 07 වනදා දක්වා සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් නීති විරෝධී ලෙස න් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 43ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්ෂක කාර්යාල හා එක්ව පාලමීන්මාදු, වංකාලේ, මන්ඩතිව්, ඉරක්කණ්ඩි, උල්ලංකාලි කළපුව, වාලච්චේනිය, ඌරණි කලපුව, ඔළුතුඩායි, කඩෙයිකාඩු, චුන්ඩිකුලම්, මඩකළපුව නාවක්කාඩු කළපුව, වව්නතිව් කළපුව සහ වලෙයිපාඩු වෙරළ සහ මුහුදු ප්‍රදේශ අශ්‍රිතව මෙම සිදු කළ මෙහෙයුම් විලින් මෙම පිරිස නීතියේ රැහැනට හසුකරගෙන ඇති බව සඳහන් වේ
මෙම පිරිස නීති විරෝධි ලෙස රාත්‍රි කිමිදුම් කටයුතු සිදුකර මසුන් ඇල්ලීම, මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් මසුන් ඇල්ලීම සහ නීති විරෝධි දැල් භාවිතයෙන් මසුල් ඇල්ලීම වැනි දෑ සිදුකර තිබේ.
මෙම පුද්ගලයින් සමඟ නීති විරෝධී දැල් 45ක්, මුහුදු කූඩැල්ලන් ගණනින් 50,005ක්, ඩිංගි යාත්‍රා 13ක්, පුපුරණ ද්‍රව්‍ය සහ කිමිදුම් උපකරණ රැසක් නාවික හමුදාව භාරයට ගෙන ඇත.
තවද, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, ධීවර යාත්‍රා, කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මාමුණෙයි, මන්නාරම, යාපනය, ත්‍රීකුණාමලය, වාලච්චේන, වවුනතිව් සහ කිලිනොච්චිය යන ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාර දී තිබේ.