හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අවශ්‍ය බව කියමින් මෙම කැඳවීම කර ඇත.
අප්‍රේල් 17 වෙනිදා පෙරවරු 9.30ට අල්ලස් කොමිසමේ පෙනී සිටින ලෙසද රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.
එදින අල්ලස් කොමිසමට නොපැමිණියහොත් 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ අංක 126 වන වගන්තිය ප්‍රකාරව කටයුතු කරන බවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇත.