අමෙරිකානු තීරුබදු බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (10) පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.
ඒ අනුව හෙට පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වෙන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.
එහිදී ඔහු පවසා ඇත්තේ අද උදෑසන විරුද්ධ පක්ෂ නායකයින් 12 දෙනෙකු මෙම ගැටලුව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව ඉල්ලා සිටි බවය.