කුලියාපිටිය, ගලහිටියාව ප්රදේශයේදී ගෙල සිරකර කාන්තාවක් ඝාතනය කර තිබේ.
ඊයේ (08) රාත්රී කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, ශාන්ත මැතිව් මාවත, ඒකල ප්රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිද කාන්තාවකි.
මරණකාරිය මීට මාස 04 කට පමණ පෙර සිට සැකකරු සමග තාවකාලිකව නිවසක පදිංචිව සිට ඇත.
එලෙස පදිංචිව සිටින අතර තුරදී ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ගෙල සිරකර මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
වයස අවුරුදු 35ක් වන සැකකරු පොලිස් ස්ථානය වෙත පැමිණ ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.