ඇමරිකා එක්සත් ජනපදයේ ඊනියා “අන්‍යෝන්‍ය” තීරුබදු සහ චීනය ඇමරිකා එක්සත් ජනපදයෙන් පළිගැනීමේ අරමුණින් තීරුබදු පැනවීම හරහා වෙළඳ යුද්ධයක් ආරම්භ වෙමින් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ප්‍රධාන ආර්ථික බලවතුන් එකිනෙකාට අභියෝග කිරීම අවිනිශ්චිත කාල පරිච්ඡේදයකට තුඩු දෙන තත්ත්වයක් නිර්මාණය කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.
වර්තමාන ලෝක ප්‍රජාවේ මේ බිඳවැටීමේදී වඩාත්ම බලපෑමට ලක්වන්නේ ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් වන අතර භාණ්ඩ එකක් හෝ දෙකක් හෝ අපනයනය කරන ආර්ථික ඇති රටවල ඇමරිකා එක්සත් ජනපදය ප්‍රධාන වෙළඳපොළ බවද එම නිවේදනය පවසයි.
සාකච්ඡා වලින් පසුව පවා තීරුබදු අප්‍රේල් 2 වැනි දිනට පෙර පැවති මට්ටම් කරා ආපසු නොඑනු ඇතැයි ද මෙය ශ්‍රී ලංකාවේ අපනයන වල බාධාවක් ඇති කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කර්මාන්ත ශාලා වැසීමට සහ විශාල පරිමාණයේ රැකියා වලින් දොට්ට දැමීම් සිදු වන බවද එම නිවේදනයේ දැක්වේ.
ඉන්දියානු වෙළඳපොළට ප්‍රවේශ වීම සඳහා මාස 3ක් ඇතුළත ඉන්දියාව සමඟ ECTA සාකච්ඡා අවසන් කිරීමට රජය සියලු පියවර ගත යුතුව පවතින අතර තායිලන්ත-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම වහාම ක්‍රියාත්මක කළ යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.