මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 6100 ක වාර්තාගත සුරා බදු ආදායමක් උපයාගෙන ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා පවසයි.
සුරාබදු දෙපාර්තමේන්තුව මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 4200 ක සුරා බදු ආදායමක් අපේක්ෂා කළ ද එය විශාල ලෙස ඉක්මවා ගොස් රැපියල් කෝටි 6100 ක ඉහළ බදු ආදායමක් එකතු කරගැනීම ජයග්රහණයකැයිද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
එම විශාල සුරාබදු ආදායම එකතු කර ගැනීම සඳහා වසර මුල සිටම විශේෂ සැලැස්මක් ක්රියාවට නැංවූ බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේය.