ඇමරිකාව පැන වූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (7)ඇමරිකා එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් මහත්මිය හමු විය.
විදේශ අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවත්නා වෙළෙඳ සබඳතා සහ ඇමරිකානු නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයට බලපෑ හැකි අන්දම අවධානයට යොමු විය.
2022 වර්ෂයේ ශ්‍රී ලංකාව මුහුණ පෑ දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාවලිය මෙන්ම දැනට ක්‍රියාවට නංවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ගැටලුවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කරගැනීමේ අවශ්‍යතාව මෙහි දී අවධාරණය කෙරිණි
මෙම සාකච්ඡාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජා,ආර්ථික කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් දර්ශන එම්. පෙරේරා සහ යුරෝපා හා උතුරු ඇමරිකා අංශයේ අධ්යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහත්ම මහත්මීහු සහභාගී වූහ.