කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන අහලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව් දෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කුරුණෑගල පොලිසිය කියයි.
එම අවස්ථාවේදී ඇතිවූ ගින්න පාලනය කිරීම සඳහා කුරුණෑගල පොලිසි ස්ථානයේ නිලධාරීන් හා කුරුණෑගල මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇත.
මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැතැයි පොලිසිය.
මෘත ශරීර එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.