ඇමරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය සමඟ උද්ගතව ඇති අලුත් තත්ත්වයට අනුරූපී වන පරිදි නව මානයන් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ඇරඹීමට සිදු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගාල්ලේ දී අද පැවසීය.
මෙවන විට භූ දේශපාලනයේ අහිතකර තත්ත්වයක් නිර්මාණය වී තිබෙන අතර එම තීන්දු ලංකාවේ අපනයන වලටද යම් අහිතකර තත්ත්වයක් ඇතිවන බව ජනාධිපතිවරයා කීය.
එය විසඳා ගැනීම සඳහා උපරිම උත්සාහ ගනිමින් සිටින අතර ඒ සඳහා සාකච්ඡා කරමින් සිටින්නේ යැයිද ජනාධිපතිවරයා පැවසීය.
අර්බුදය විසඳා ගැනීමට මෙන්ම ඊට මුහුණ දීම සඳහා සැලසුම් හදමින් සිටින බව කී ජනාධිපතිවරයා ලංකා ආර්ථිකය යළි අර්බුදයට ලක් නොවන අයුරින් හැසිරවීමට සැලසුම් සකස් කරන බව ද කීය.
මෙය අපේක්ෂා නොකළ තත්ත්වයක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එහෙත් ලංකා ආර්ථිකය ඉතා හොඳ ඉදිරි ගමනක් පෙන්නුම් කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා උද්ගතව ඇති ප්‍රශ්නයට මුහුණ දිය යුතු වන්නේ පක්ෂ හැටියට නොව ජාතියක් හැටියට බවද කීය.
මේ වසරේදී සපුරා ගත යුතු යම් ඉලක්කයන් මූල්‍ය අරමුදල විසින් ලබා දී තිබෙන්නේ යැයිද ඇතිවී තිබෙන අලුත් තත්ත්වයට අනුරූපී වන පරිදි නව මානයන් පිළිබඳ සාකච්ඡා ඇරඹීම වෙනුවෙන් අප උපරිම කැප කිරීම් කරන්නේ යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ ඊයේ (7)පැවැති ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.