මාලිමා ආණ්ඩුව එන විට භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන විස්සක් වත් නොතිබූ බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ගාල්ලේදී පැවසීය.
” දැන් අම්මපල්ල තියෙනවා ඩොලර් මිලියන 6190 ක් ” යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී කීය.
” අත්පුඩිය නම් සැර මදි වගේ, ඩොලර් මිලියන විස්සක් නැති තැනක ඩොලර් මිලියන 6190 ක් ගත්තට පස්සේ නිකං උළු කැට දෙක තුනක් වැටෙන්න ගහන්න එපැයි හත්තිලව්වේ අප්පුඩියක් ” යනුවෙන්ද නලින් හේවගේ මහතා කීය.
නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා මේ බව කීවේ ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ ජය තහවුරු කිරීම සඳහා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවති ජනරැළිය අමතමිනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජනරැළිය ඊයේ (7) සවස පැවැත්විණි.