මෙවර පළාත් පාලන මැතිවරණයට කඩුවෙල මහ නගර සභාවට සමගි ජන බල වේගයෙන් තරඟ වදින බොරලුගොඩ කොට්ඨාසයේ අපේක්ෂකයෙකුගේ නිවසට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් බව පවසා පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ගිනි අවියක් පෙන්වා මුදල් කොල්ලකා පලා ගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය කියයි.
පැමිණි කොල්ලකරුවන් මුදල් රුපියල් 180,000 ක් සහිත මුදල් පසුම්බියක්, රුපියල් 85000 ක් වටිනා ජංගම දුරකථන දෙකක් ද කොල්ලකා රැගෙන ගොස් ඇත.
කොන්ත්රාත්කරුවකු ලෙස කටයුතු කරන පැමිණිලිකරු ඔහුගේ නිවස තුළ සිටියදී නිවස ඉදිරිපිට ගේට්ටුවට කිසියම් පුද්ගලයකු තට්ටු කරනු ඇසී ගොස් බැලීමෙන් පසු මෙම සිද්ධියට මුහුණපා තිබේ.