පළාත් පාලන ආයතන 114 කට අයත් තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
අධිකරණ ක්‍රියාවලියෙන් අනතුරුව සෙසු පලාත් පාලන ආයතන 225 ට අයත් තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද කොමිෂන් සභාව පවසයි.
පලාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන22 , 23, 24 යන දිනවල සිදු කරන බවත් එම දිනවල තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්දදායකයින්ට ලබන 28 හා 29 යන දිනවල ඒ සදහා පහසුකම් සලසා ඇතැයි ද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ අතර පලාත් පාලන ආයතන සියල්ලේම තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර මැතිවරණ කොමිෂන් සභාවට බාරදුන් බව රජයේ මුද්‍රණාලය සදහන් කරයි .