තවත් දින එකොළහකින් ආරම්භ වීමට නියමිතඅසිරිමත් සිරි දළදා දැක්ම සඳහා සෙංකඩගල පුරවරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට අවශ්‍ය පොදු පහසුකම් මේ වන විට කඩිනමින් සම්පාදනය කෙරෙමින් පවතී.
ශ්‍රී දළදා මාලිගාව මහනුවර මහ නගර සභාව ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන ඒ සඳහා පුරෝගාමී වී කටයුතු සිදු කෙරෙමින් පවතින අතර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්රදීප්නිලංග දෑල මහතා පවසා සිටියේ සිරි දළදා දැක්මට පැමිණෙන බැතිමතුන් 35,000කට දළදා දැක්ම පැවැත්වෙන දින 10 පුරා දෛනිකව ආහාර ලබාදීමේ දන්සලක් ශ්‍රී දළදා මාලිගාවේ දායකත්වයෙන් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇති බවයි.
මහනුවර මහ නගර සභාවේනාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය පවසා සිටියේ බැතිමතුන්ට අවශ්‍යවන පොදු පහසුකම් හා සනීපාරක්ෂක කටයුතු සැලසීම කෙරෙහි නගර සභාවේ විශේෂ අවධානය යොමුවී ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජංගම වැසිකිළි 100ක් මේ වන විටත් ලැබී තිබෙන බවද තවත් ස්ථාන තුනක යුද හමුදාව මගින් වැසිකිලි 08 බැගින් වූ කට්ටල තුනක් ඉදිකිරීමට නියමිත බවත්ය.
එම පහසුකම් සැලසීමට මීට පෙර ඉදිරිපත් වූ පෞද්ගලික ආයතනයෙන් දළදා දැක්ම සඳහා කිසිදු ආකාරයක සහයක් ලබා නොගන්නා බවද පැවසීය.