ඇමරිකා එක්සත් ජනපදයේ අන්‍යෝන්‍ය තීරුබදු හේතුවෙන් අපනයන මත පදනම් වූ කර්මාන්ත අඩපණ වීමේ පෙර නොවූ විරූ අවදානමකට ශ්‍රී ලංකාව මුහුණ දී ඇතැයි නිදහස් වෙළඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වන අයුරින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 2 වැනිදා මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා සියයට 44 ක තීරු බද්දක් පනවනු ලැබුවේය.
ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාප හරහා ව්‍යවසායන් 300 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන නිදහස් වෙළඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමය ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් මෙරට ආර්ථිකයට ඇති කළහැකි විනාශකාරී බලපෑම පිළිබඳව අනතුරු ඇඟවීමක් පසුගියදා සිදු කළේය. එම සංගමයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන ඇඟලුම්, තේ සහ රබර් කර්මාන්තය ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්ද හේතුවෙන් ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ තරඟකාරීත්වය අඩුවීම නිසා ඇතිවිය හැකි අභියෝගයන්ට මුහුණ දීමට සූදානම් වෙමින් සිටී.