බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කළ සැමියෙකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ආරූමුගන් අම්බිගා නැමති 57 හැවිරිදි දෙදරු මවකි.පිහි ප්‍රහාරයට ලක් වූ 22 හැවිරිදි පුතුද ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර ඇත.
ගෑන්ඩ්පාස් පොලිස් වසමේ මෝදර උයන මහල් නිවාස සංකීර්ණයේ පළමු මහලේ නිවසක පදිංචිව සිටින සැකකරු ඇතුළු පවුලේ සාමාජිකයන් ගෙන් ඝාතනයට ලක් වූ කාන්තාව සහ තුවාල ලද ඇයගේ පුතු එක කාමරයක බිම මෙට්ටයක් දමා නින්දේ පසුවී ඇති අතර යාබද කාමරයේ වැඩිමහල් පුතු සහ සැකකරු රැඳී සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටින සැකකරු බිරිඳ නිදා සිටි ස්ථානයට පැමිණ ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව ඇයට පිහියෙන් ඇනීමේදී එය වැළැක්වීම සඳහා මැදිහත්ව තිබූ පුතුට ද සැකකරු පිහියෙන් ඇන පලා ගොස් තිබූ බව පොලිසිය කියයි