පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් ලුහුබැඳ ගොස් මිනුවන්ගොඩ ප්රභාගම ප්රදේශයේ අත්අඩංගුවට ගනිද්දී එහි එක් සැකකරුවකු කලහාකාරි ලෙස හැසිරී පොලිස් නිලධාරීයකු අත තිබූ ගිනි අවියක් උදුරා ගැනීමට තැත් කරද්දී තවත් නිලධාරියකු සැකකරුගේ පාදයට වෙඩි තබා මෙල්ල කළ බව පොලිසිය කියයි.
තුවාල ලැබූ සැකකරු ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් සතුව තිබූ මත් කුඩු ග්රෑම් හයක් පොලිස් බාරයට ගෙන ඇත.