ඔක්ටේන් 92 සහ පෙට්‍රල් ඔක්ටේන් 95 යන ඉන්ධන වර්ග දෙකේම ලීටරයක මිල රුපියල් 10 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) පස්වරුවේ නිවේදනය කළේය.
එම මිල අඩු කිරීම ඊයේ (31) මාධ්‍ය රාත්‍රීයේ සිට ක්‍රියාත්මක බවත් සෙසු ඉන්ධන වර්ග තුනේ මිල වෙනස් නොවන බවත් එම සංස්ථාව කීය.
රුපියල් 309 ක පැවැති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල මෙම මිල පහත දැමීමත් සමඟ රුපියල් 299 ක් දක්වා ද, රුපියල් 371 ක්ව පැවැති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 361 ක් දක්වා ද, අඩු වූ බවත් ලංකා සුදු ඩිසල් ලීටරයක මිල රුපියල් 286 ක ද, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 331 ක ද, ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 183 ක ද, තව දුරටත් පවතින බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩි දුරටත් සඳහන් කළේය.