ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා දිවුරුම් දුන්නේය. ඒ අනුව නීතිඥ රජීව් අමරසූරිය මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 29 වැනි සභාපතිවරයා ලෙස ඉතිහාසයට එකතු විය.
රජීව් අමරසූරිය මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු ලේකම්වරයා වන අතර අභියාචනාධිකරණයේ කොන්ත්‍රාත්, වාණිජ, දේපළ, බදුකරණය, බැංකු සහ පොදු නීතිය ද ඇතුළු සිවිල් නීති කටයුතුවල පිළිබඳව විහේෂඥයෙකි.
අමරසූරිය මහතා ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නීති අධ්‍යයන නිත්‍ය කමිටුව ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක අධ්යක්ෂ මණ්ඩල සහ කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ ද සාමාජිකයෙක් වන ඒ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය නීති අධ්‍යාපන සංගමයේ ශ්‍රී ලංකා නියෝජිතයා සහ ඛ්උ්ීෂ් විධායක කමිටු සාමාජිකයෙකු ද වේ.