තලාතුඔය ,ගුරුදෙණිය උඩතැන්න මහවැළි බ්‍රිෂ් ගම්මානයේ නිවාස පරිශ්රයක විශාල උමගක් හාරා නිධානයක් ගැනීමට තැත් කළ බව කියන කාන්තාවක් සහ සැකකරුවන් දෙදෙනෙක් අද (30) අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලීසිය කියයි.
පූරා විද්‍යාත්මක වටිනාකමක් සහිත මෙම ස්ථානයේ නිධානයක් හාරන බවට ලද ඔත්තුවක් මත පිරිස අත් අඩංගුවට ගෙන තිබේ.
මෝටර් රථයක් ත්‍රිරෝද රථයක් සහ කැණීම් කටයුතු වලට යොදා ගත් උපකරණද පොලීසිය භාරයට ගෙන ඇත.