මූල්‍ය වංචා චෝදනාවක් මත වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නිදාගැනීමට මෙට්ටයක් දෙන ලෙස කළ ඉල්ලීම වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශයක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
මන්ත්‍රීවරයාට කොන්දේ අමාරුවක් තිබීම නිසා මෙට්ටයක් දෙන ලෙස බන්ධනාගාරයෙන් ඉල්ලිමක් කළ බවත් එම ඉල්ලීම බන්ධනාගාර වෛද්‍යවරයාට යොමු කළ පසු එය ප්‍රතික්ෂේප වූ බවත් දිසානායක මහතා කීය.
මෙට්ටයක් වැනි දෙයක් සැපයීමට නම් වෛද්‍ය නිර්දේශය අනිවාර්ය බව කී දිසානායක මහතා වෛද්‍ය නිර්දේශ නොමැතිව මෙට්ටයක් සැපයිය නොහැකි බව ද සඳහන් කළේය.
මන්ත්‍රීවරයාට මෙට්ටයක් අවශ්‍ය නම් කොන්දේ පවතින රෝගී තත්වයට ප්‍රතිකාර ගත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස දැනුම්දී ඇති අතර එම වෛද්‍ය වාර්තා විශේෂඥ වෛද්‍යවරුන්ට යොමුකර සළකා බැලිය හැකි බවත් වැලිකඩ බන්ධනාගාරයේ වෛද්‍යවරු මන්ත්‍රීවරයාට දැනුම්දී ඇති බව ද දැනගන්නට තිබේ.