උත්සව සමයේ වෙළඳසැල්වලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්නැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
නීති උල්ලංඝණය කරමින් භාවිතයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙසද එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
www.phi.lk වෙබ් අඩවියෙන් ප්‍රදේශයට අදාල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ දුරකථන ඇමතුම් ලබාගත හැකි බවත් නොඑසේ නම් 0112 635675 දුරකථනයට පැමිණිලි ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලීමක් කළේය.