දැන් ආණ්ඩුවට විරුද්ධව වැඩියෙන් කෑගහන්නේ වැඩිපුරම බය වී සිටින අය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෙලිඅත්තේදී පැවසීය.
ආන්දෝලනයට තුඩු දුන් නඩු විශාල ප්රමාණයක් මැයි මාසයේදී පැවරෙනු ඇතැයි ද ජනාධිපතිවරයා කීය.
මෙය කලබලයට කරන වැඩක් නොවන බව කී ජනාධිපතිවරයා ඉතා ශක්තිමත් ලෙස නඩු ගොනුකර නඩුව විභාග කිරීමෙන් පසුව වැරදිකරුවන් හිරේ දමන බව ද සඳහන් කළේය.
මේ වෙනකොට හිටපු ඇමතිලා තුනක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව ඇතැයි කී ජනාධිපතිවරයා තව ටිකක් කල් ගතවෙන විට ඔවුන්ට පාර්ලිමේන්තුව එහේ රැස්වෙන්න පුළුවන් වේවි යැයි කීය.
ජනාධිපතිවරයා මේ බව කීවේ පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ පළමු රැලිය බෙලිඅත්තේ දී අද අමතමිනි.
” රට බංකොලොත් කරපු අය ඇවිත් ආපහු ආණ්ඩු හදනවාලු.කාටත් හීන දකින්න පුළුවන්.ඒවා හීනම විතරයි.කවදාවත් යථාර්ථයක් බවට පත්වෙන්නේ නෑ.
තව වසර තුනක් හතරක් යන විට කලාපයේ අඩුම විදුලි බිල තිබෙන රට බවට ලංකාව පත් කරනවා.අප පළාත් පාලන ආයතනවල බහුතර බලයක් ලබා ගත යුතුයි යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.