ශ්රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගිණුමකින් රුපියල් 2,420,162 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් නාවික සෙබළෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කියයි.
ශ්රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ආරම්භ කර තිබූ ගිණුමකින් අවස්ථා ගණනාවකදී සැකකාර සෙබළා විසින් චෙක්පත් මගින් මෙම වංචාව සිදුකර ඇත.
නාවික හමුදාවේ ලුතිනන් වරයෙකු ඉකුත් 20 වෙනි දින කරන ලද පැමිණිල්ලකින් අනතුරුව විමර්ශන ඒකක 01 ස්ථානාධිපතිවරයා විසින් සැකකාර සෙබළා කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත ගෙන්වා සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව ප්රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ඔහු වංචා කරන මුදල ඔහු පදිංචි පස්සර ප්රදේශීය රාජ්ය බැංකුවක තැන්පත් කර ඇති බවටද අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. ශ්රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ සේවා වනිතා ඒකකයට අනුයුක්ත 38 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.