පළාත් පාලන මැතිවරණයේ වියදම් සීමා අනුව කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසම් සභාව සියලුම දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
අදාළ වියදම් සීමා තීරණය කර ඇත්තේ එක් එක් පළාත් පාලන ආයතනවල භූමි ප්රදේශය, ජනගණත්වය ආදී කරුණු සැලකිල්ලට ගෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා ප්රකාශ කළේය.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම අරමුණු කරගෙන මැතිවරණ වියදම් සීමා මැතිවරණ කොමිෂන් සභාව විසින් හඳුන්වා දෙනු ලැබීය.
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මැයි මස 06 වැනිදා පැවැත්වේ.