රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් අද (30) පස්වරුවේ රජරට විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරතව ඇති බවට වාර්තාවේ.
පසුගියදා පැවැති විරෝධතාවයක් අතරතුරදී සමසෞඛ්‍ය සිසුන්ට එල්ල කළ පොලිස් ප්‍රහාරය හෙළා දකිමින් හා එහිදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් වහා නිදහස් කරන ලෙස රජයට බල කරමින් රජරට විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය විසින් එම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර, විරෝධතාවයේ නිරත විශ්වවිද්‍යාල සිසුන් විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් විරෝධතා පාඨ කියමින් විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී මෙලෙස විරෝධතාවයේ නිරතව ඇති බවට වාර්තාවේ.