බන්ධනාගාර ගතව සිටින අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට භාරවීමට පෙර රැකවරණය ලබාදීම සහ ප්‍රවාහන පහසුකම් ලබා දීම යන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයෙකු රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කඩුවෙල වැඩ බලන මහෙස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි මහතා ඊයේ (29) දින නියෝග කළේය
මෙලෙස ඇප නියම වූයේ තලවතුගොඩ ශාන්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ගිනි තොට පොල් වත්තගේ සුරංග සංජීව වීරසූරිය නමැති කෝටිපති ව්‍යාපාරිකයෙකි
සැකකාර ව්‍යාපාරිකයා විසින් තම මෝටර් රථ යොදාගෙන දේශබන්දු තෙන්නකෝන් මහතාට ප්‍රවාහන පහසුකම් ලබා දී ඇති බවට කරුණු අනාවරණය වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරු දෙවරක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීම් සිදුකර ඇති අතර ඉන් අනතුරුව සැකකරු තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත් වීම නිසාවෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ සිටියදී මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් මත වැඩ බලන මහෙස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි මහතා සැකකරු ප්‍රතිකාර ලබමින් සිටි තලවතු තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලට ගොස් සැකකරු පරීක්ෂා කර බැලීමෙන් පසු එම නියෝගය ලබාදීමට කටයුතු කර තිබුණි
මේ සම්බන්ධයෙන් හෝ වැඩිදුර නඩු විභාගය අප්‍රේල් මස තුන්වෙනි දින යළි කැඳවීමට නියමිත වේ