මියන්මාරයේ හටගත් රික්ටර් මාපකයේ 7.7 ක සහ 6.4 ක අගයක් ගත් ප්රබල භූමි කම්පා දෙකෙන් තායිලන්තයේ වෙසෙන ශ්රී ලාංකික කිසිවෙකුට අහිතකර බලපෑමක් එල්ල වූ බවට තොරතුරු ලැබී නැතැයි එරට තානාපති කාර්යාලය ඊයේ (28) ප්රකාශ කළේය.
තත්වය සමීපව නිරීක්ෂණය කරන බවත් හදිසි අවස්ථාවකදී යන දුරකතන අංකයෙන් +66 812498011 තානාපති කාර්යාලය සමග ශ්රී ලාංකිකයන්ට සම්බන්ධ විය හැකි බවත් තායිලන්තයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේය.
මියන්මාරයේ ඊයේ (28) එරට වේලාවෙන් 6.20 පමණ හටගත් රික්ටර් මාපකයේ 7.7 ක සහ 6.4 ක අගයක් ගත් ප්රබල භූමි කම්පා දෙකෙන් තායිලන්තයේ තිදෙනකුට වැඩි පිරිසක් මියගොස් තවත් 50 වැඩි පිරිසක් තුවාල ලැබූහ.