වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ”කප්රුකට සවියක් – වැඩි ඵලදාවක්” යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීමේ සමාරම්භය හෙට සිදු කෙරෙනවා.
රුසියාවේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු ඵධඡ පොහොර මෙට්‍රික් ටොන් 27,500ක් හා එප්පාවල රොක් පොස්පේට්, යූරියා මිශ්‍ර කර පොල් වගාව සඳහා විශේෂිත පොල් පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් සකස් කිරිම රාජ්‍ය පොහොර සමාගම මේ වන විට කටයුතු කරමින් පවතිනවා.
මෙම පොහොර සහන මිලට ලබාදීම සහ බෙදාහැරිම සඳහා අවශ්‍ය කටයුතු පොල් වගා කිරිමේ මණ්ඩලය සහ රාජ්‍ය පොහොර සමාගම් විසිනුයි සිදු කරනු ලබන්නේ.
වෙළෙඳපොළේ රුපියල් 9,000 වැනි මිලක් ව පවතින කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් රුපියල් 4,000ක සහන මිලකට ලබාදීමේ කටයුතු ඒ අනුව සිදුකරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සදහන් කළා.