මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන පෞද්ගලික මධ්‍යස්ථානයක පුනරුත්ථාපනය වෙමින් සිටි තරුණයකු මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියයි .
මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ගම්පහ ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තරුණයකු බව පොලීසිය හඳුනාගෙන ඇත .
මරණය පහරදීමකින් සිදුවූවාදැයි සොයා පරීක්ෂණ පවත්වන පොලිසිය තරුණයාට පහර දී අත්වලට මාංචු දමා කකුල්වලට යකඩ දම්වැල් දමා පහර දුන්නැයි කියැ වෙන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද පොලිසිය කියයි .
දැඩි ලෙස අසාධ්‍යව සිටි ඇති තරුණයා මිනුවන්ගොඩ රෝහලට රැගෙන එන විටත් ඔහු මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකශකයෙක් පැවැසීය.