ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
පසුගිය රජයන් ගත් එවැනි වැරදි තීරණ වර්තමාන රජය නොගත යුතු බවද ඔහු සඳහන් කළේය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් කරුණු දක්වමිනි.
නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය
ඉතිහාසයේ යම් නිලධාරීන් සම්බන්ධයෙන් ගත් අැතැම් දේශපාලන තීන්දු වැරදියි. ඒ වැරදි දේශපාලන තීන්දුවල පළ විපාක අපි පක්ෂයක් විදියට අදත් විඳිනවා. පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ගැටළුවක් තියෙනවා නම් ඒකට ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්න පුළුවන්. එක පැත්තකින් ඔහු සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් යනවා. නඩුවේ වැරදිකාරයා බවට පත්වුණොත් කොහොමත් ජනාධිපතිවරයාට පොලිස්පතිවරයා ඉවත් කරන්න පුළුවන්.
නිලධාරියකු ඉලක්ක කරගෙන දේශපාලන තීන්දුවක් ගන්න පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කරනවා නම් අපි එකඟ වෙන්නේ නැහැ. හිටපු අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් ගත්ත තීන්දුව නොවුණා නම් හොඳයි කියන මතය තමයි මම ඉන්නේ.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුවට පෞද්ගලික ප්‍රශ්නයක් තියෙන බව පේනවා. පොලිස්පතිවරයාටත් කරුණු දක්වන්න අවස්ථාව දීලා සාධාරණ වාර්තාවක් මත පාර්ලිමේන්තුවේ විවාදයක් කරලා තීන්දුවක් ගන්න කියලා මම ඉල්ලනවා.