තමාටද පිටතින් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.
චාමර සම්පත් දසනායක මහතා රඳවා සිටින්නේ එම බන්ධනාගාරයේ එම් වාට්ටුවේය.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියලේන්දිරෙන් මහතා රඳවා සිටින්නේද එම වාට්ටුවේ බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි
සාමාන්‍යයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරෙන රැඳවියන්ට දෙන පහසුකම් චාමර සම්පත් දසනායක මන්ත්රීවරයාටද ලබා දී ඇතැයි පැවසේ.
ඒ අනුව පැදුරක්, කොට්ටයක්, පිඟානක් සහ කෝප්පයක් මන්ත්‍රීවරයාට ලබා දී ඇත.
මේ අතර මහනුවර දුම්බර බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ගෙදරින් කෑම ගෙන ඒමට බන්ධනාගාර ප්‍රධානීහු පසුගියදා අවසර දුන්හ.