ලංකා සීනි සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී තනතුරු සදහා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවන් දෙදෙනකු පත්වී ඇත. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෙම පත්වීම් සිදුකර ඇත. සභාපති ධුරය සඳහා සඳමාලි චන්ද්‍රසේකර මහත්මියත් අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා දීපිකා කේ. ගුණරත්න මහත්මියත් මෙලෙස පත්කර තිබේ.
නව සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරිනියන් දෙදෙනා පසුගියදා ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලාවලට පැමිණ ආයතනවල ප්‍රධාන නිලධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයින්, සේවකයන් සහ ගොවි මහතුන් හමුවූහ.