මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එක් අයකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරුවන් මේ වන විට මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
ඒ අතරින් බරපතළ තත්වයේ පසුවූ තුවාලකරුවන් සිව් දෙනකු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
අනතුර සිදුවූ ආකාරය සම්බන්ධ මෙතෙක් තොරතුරු කිසිත් මෙතෙක් හෙළි වී නැත