අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්රාත් අධිකරණයට පැමිණි බව අප වාර්තතාකරුවෝ පවසති.
අධිකරණය මඟහැර සැඟව සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක්ද නිකුත් කර තිබිණි.
2023 දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියකු මියයාම සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර තිබිණි.
අධිකරණය මඟහරිමින් සැඟව සිට අදට දින 19 කට පසු ඔහු මෙලෙස අද අධිකරණයට පැමිණ ඇත.