ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැති දුරකතන කතාබහෙන් පසු, රුසියනු යුක්රේන යුද්ධය නතර කිරීමේ අරමුණින් ට්‍රම්ප් පරිපාලනය යෝජනා කර ඇති දින 30 ක සටන් විරාමයට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කළේය.
ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති පුටින් අතර මෙම දුරකතන කතාබහ පැය 2 කට ආසන්න කාලයක් තිස්සේ පැවැත් වුණු බව ධවල මන්දිරයත්, ක්රෙම්ලීනයත් තහවුරු කර ඇත.
දුරකතන කතාබහ අවසන් වුණු සැණින් යුක්රේනයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම වහාම නවත්වන්නැයි ජනාධිපති පුටින් රුසියන් හමුදාවට දැනුම් දුන් බව ද විදෙස් මාධ්‍ය පවසයි.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමේ අරමුණින් ඇමෙරිකාව මැදිහත් වි සකස් කළ සාම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට ට්‍රම්ප් පරිපාලනය යෝජනා කළ දින 30 ක සටන් විරාමයට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ප්රමුඛ යුක්රේන රජය මේ වනවිටත් කැමැත්ත පළ කර ඇත.